දේශීය

පරිපාලන අංශයේ ප්‍රධානියාගේ වැඩ බලන්න පතිනායක දාලා

පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් ඔහු  පසුගියදා නිදහස් කොට නිදහස් කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් පතිනායක මහතා මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි  සිසුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button