පාඨලී සජබ දාලා ගිහින්
එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව පවසනවා.
ඒ අනුව සිය පක්ෂය, සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගතවීමේදී මහ මැතිවරණය සඳහා එකඟ වූ පරිදි කටයුතු නොකරමින්, ඔවුන් ගිවිසුම ඒකපාර්ශවීයව උල්ලංඝණය කර ඇති බවයි පවසන්නේ.
එමෙන්ම නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී එම ගිවිසුම උල්ලංඝනය වී තිබෙන බව පෙනීයන යන හෙයින් ඉහත තීරණය ගත් බවද එම පෙරමුණ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පාඨලී ප්රමුඛ එක්සත් ජනරජ පෙරමුණ මේ බව කියා සිටියා.
මේ හේතුවෙන් තවදුරටත් සමගි ජන බලවේගය සමඟ කටයුතු නොකරන බවත් සමගි ජන සන්ධානයෙන් ඉවත්වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
එම තීරණය ගත්තේ සමගි ජන බලවේගයට සතුරුකම් කිරීමේ අදහසකින් නොවන බවත් අදාල ගිවිසුම උල්ලංඝනය වීම දරා ගැනීමට නොහැකි වීම නිසා බවත් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළා.
එහිදී එක්සත් ජනරජ පෙරමුණට සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට එකඟ වී තිබෙන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පැවසූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා එකඟතාවය පළ වී තිබෙන බවයි.
අදාළ නිවේදනය පහතින්,