දේශීය

ගල්කිස්ස හෝටලේ වහලේ කොටසක් කෝච්චි පාරේ

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ තද සුළං නිසා ගල්කිස්ස මහ හෝටලයේ පිටුපස කොටසේ වහලයක කොටසක් ගැලවී දුම්රිය මාර්ගයට වැටීමෙන් දුම්රිය ගමනාගමනයට අද (15) බාධා සිදුව ඇති බ​ව දුම්රිය සාමාන්‍යාධිකාරී M.J ඉඳිපොළගේ මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුර ගමන් දුම්රිය ධාවනයට කටයුතු සිදුකර ඇති බව​ත් සුළඟට ගසා ආ වහල දුම්රිය මඟෙන් ඉවත් කරන තෙක් වැල්ලවත්තේ සිට කොළඹට මාර්ග දෙකෙහි දුම්රිය ධාවනයට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.

දුම්රිය මාර්ගයට කඩා වැටුණු වහලේ සීට් කඩිනමින් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් එම ස්ථානයට පිටත්කොට යවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button