දේශීය
“වැඩ කරන අපේ විරුවා” ගීතයේ සංගීතඥයා සමාව ඉල්ලයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය වූ “වැඩකරන අපේ විරුවා” ගීතයේ තනු නිර්මාණ ශිල්පී පසන් ලියනගේ මහතා මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා.
ඔහු පවසන්නේ අදාළ ගීතය නිසා අපහසුතාවයට පත්වූයේ නම් සමාව ඉල්ලන බවයි.
මෙම ගීතයෙහි පද රචනා කර ඇත්තේ පසන් ලියනගේ මහතාගේ මවයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පසන් ලියනගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බලයේ ඉන්න පක්ෂයට කඩේ යෑම නවතා දමන ලෙසයි.
අලුත් පිරිසකට රට හැදීම සඳහා ඉඩ ලබාදෙන ලෙසත් රටට මෙම කල උදාවී තිබෙන්නෙ තමන්ගේ වාසියට රට කාපු අය නිසා බවත් පසන් ලියනගේ මහතා සදහන් කරනවා.
