දේශීය

යාපනයේ රිය අනතුරකින් අයෙක් මරුට

යාපනය නුවර ඒ 09 මාර්ගයේ තීරු මුරුකන්ඩිහිදි අද (11) සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙ​කු මියගොස් තිබෙනවා.

මාන්කුලම් පොලීසිය පවසන්නේ, සිදුවූ අනතුරෙ​න් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇති බවයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ වැන් රථයක් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙ​ස මියගොස් ඇත්තේ විදෙස්ගතව සිට මෙරටට පැමිණ යාපනයේ පිහිටි සිය නිවස බලා යමින් සිටි පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button