දේශීය
බොරලුගොඩ රිය අනතුරකින් අයෙක් මරුට

පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ අද (01) පස්වරුවේ මාර්ගය අයිනේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් දෙසට සුඛෝභෝගී මෝටර් රථයක් කඩා වැදිමෙන් එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
සිදුවූ අනතුරින් පෝරුවදණ්ඩ අරුණගම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ එළවළු වෙළඳසැලක් ආරම්භ කිරීමේ කටයුතුවල නියැලෙමින් සිට ඇති අතර ඔහුට දහවල් ආහාර පාර්සලයක් රැගෙන ඔහුගේ පෙම්වතිය ඇයගේ පියා සමඟ තීරෝද රථයකින් පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබු අනෙක් පුද්ගලයා ඔහුගේ පෙම්වතියගේ පියා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.