දේශීය

මහ මැතිවරණයට එක් කණ්ඩායමකින් ඇප මුදල් තැම්පත් කරලා

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට ස්වාධින කණ්ඩායමක් අද (28) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළේ, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය බවයි.

මේ අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් අතර සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබුණා.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණ සඳහා වැය වන පිරිවැය පිළිබඳව ද අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වැයවනු ඇති බවට දළ වශයෙන් ගණන් බලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button