දේශීය

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ගේ වර්ජනය අවසන් වුවද අද (12) දිනයේ ඇතැම් දුම්රිය අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහ​තා කියා සිටියේ වර්ජනය නිසා දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට යළි වාර්තා කිරීමේ ප්‍රමාදය මෙම තත්වයට හේතුවී ඇති බවයි.

කෙසේවෙතත් ඊයේ දින මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රවාහ​න අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති විසින් මෙම වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button