ආනයන බහාලුම් ප්‍රමාදය ගැන රේගුවෙන් නිවේදනයක්

කොළඹ වරායේ ඇති සියලුම බහාලුම් කඩිනම්න් නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බව රේගුව පවසනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ නිවේදනය කළේ,ඒ අනුව අද දිනයද සාමාන්‍ය දිනයක් සේ සලකා සේවා සපයන බැවින් අනිද්දා සවස වන විට ඉතිරි වී ඇති සියලුම බහාලුම් නිදහස් කිරීම රේගුවේ අරමුණ බවයි.
එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වැනි ද්‍රව්‍ය නිශ්කාෂණය කරන ආර් ටී සී අංගණය සතියේ දින 07ම සේවය කරන බවත් එම භාණ්ඩ නිශ්කාෂණයේ ප්‍රමාදයක් මතු වී නොමැති බවද රේගුව නිවේදනය කළා.
කෙසේවෙතත් රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (12) පැවසුවා.
ඒ අනුව ලබන සඳුදා වනවිට එම තදබදය අවම කරගත හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කර සිටියා.
මැතිවරණයක් ආසන්න වනවිට වෘත්තීය ක්‍රියාමාර්ග සුලභවීම අපේක්ෂා කළ හැකි තත්ත්වයක් බවත් බහුතරයක් වෘත්තීය සමිති දේශපාලන ව්‍යාපාරයක් හා සම්බන්ධව පවතින බවත් අමත්‍යවරයා සඳහන් කළා.