දේශීය
විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු ගැන දැනුම්දීමක්

විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කළේ, සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති බවයි.
කෙසේවෙතත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් ඒ සඳහා යම් බාධා මතුව ඇති බව වාර්තා වෙනවා.
එම කොමිසම සඳහන් කළේ, ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල කිහිපයකින් ඒ සඳහා නිලධාරීන් පත් කිරීමට පියවර ගන්නා බවයි.
මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 43000කට අධිකයි.