දේශීය
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට කිසිදු පාර්ශවයක් ඇප දීලා නෑ
2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ ඇත්තේ පසුගිය 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද ඊයේ (30) දින දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි.
ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට ද නියමිතයි.
ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය 26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරුණා.