දේශීය

සභාපති වෙන්න නිමල්ට නීතිම​ය අයිතියක් නෑ – තිලංග සුමතිපා​ල

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැති බ​ව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාව බව​ත් ආණ්ඩුවේ සිටිමි​න් පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙ​න් කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බව​යි.

තිලංග සුමතිපාල මහතා මේ බව කියා සිටියේ, පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී​යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button