දේශීය
ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්
අලුතින් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත මාලිමා කණ්ඩායම රටේ වාමාංශික ව්‍යාපාරය සදහටම අතුගා දමන කණ්ඩායම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (07) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාලු දිස්ත්‍රික් ජන හමුව අමතමින්.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“ආර්ථික වශයෙන් අතරමං වූ විට ඔබ නිදහස් කර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි.
ලෝක බලවතා තේරීමේ ඡන්දය අවසන් වුණා.ඩොනල් ට්‍රම්ස්ගේ වයස අවුරුදු 78යි.අපගේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට කිසිම ප්‍රශ්නයක් නැතුව වසර දොළහක් රට බලාගන්න පුළුවන්.එතුමාගේ කල්පනාව අපේ කල්පනාවට වඩා හොඳයි.
බංකොලොත් වූ රට වසර දෙකකදී නිදහස් කළේ ගොඩක් අමාරුවෙන්.අපේ ආණ්ඩුව හැදූ පාරෙන් මේ අය පිට පැන්නොත් නැවත රනිල් වික්‍රමසිංහට මේ රට භාර ගැනීමට සිදුවෙනවා.”