දේශීය
කොමියුනිස්ට් පක්ෂයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පත්කර තිබෙනවා.
එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ඩිව් ගුණසේකර මහතා නව සභාපතිවරයා වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පවසනවා.
කොමියුනිස්ට් පක්‍ෂයේ නව මධ්‍යම කාරක සභාව ඉකුත් දා පැවති පක්‍ෂ 22 වැනි ජාතික සම්මේලනයේ දී පත්කරගනු ලැබුවා.
කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයාව සිටි, වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර, අභාවප්‍රාප්ත රාජා කොල්ලුරේ මහතා, පක්‍ෂ සභාපති තනතුරෙන් ඉවත්කර සිටි අතර, ඉන්පසු එහි වැඩබලන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කටයුතු කරනු ලැබුවා.
මේ අතර පක්‍ෂයේ ලේකම් තනතුර සඳහා හිටපු ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා තෝරා පත්කරගෙන තිබෙනවා.