දේශීය

දේශබන්දුගේ පත්වීම​ට එරෙහිව තවත් පෙත්සම්

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා සහ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කරනු ලැබුවා.

එම පෙත්සම්ව​ල වග උත්තරකරුවන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එහි​දී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බවට පෙත්සම්කරුවන් වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button