දේශීය

මත්තේගොඩ රිය අනතුරක් – දෙදෙනෙකුට බරපතල තුවාල

මත්තේගොඩ ප්‍රදේශයේ යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රී රෝද රථයක එකිනෙක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය පවසනවා.

අද (07) එම ප්‍රදේශ​යේ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබුණා.

රෝහල්ගත කළ එක් පැදිකරුවකුගේ හිස ත්‍රීරෝද රථයේ ගැටී හිසට පාදයකට අතකට බරපතල තුවාල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්​නේ.

මත්තේගොඩ සිට කොට්ටාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයක් යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් එම දෙසටම ධාවනය වී තිබෙනවා.

එම අවස්ථාවේදී ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි මෝටර්රථය තීරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය මාර්ගයේ පෙරළි අනතුර සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථය තිරිංග ක්‍රියාත්මක කරනවාත් සමඟම පිටුපසින් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ගැටී මෙලෙස මෙම අනතර සිදුවී තිබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button