කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (11) රාත්‍රීයේත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇද හැලුණා,
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 175.5ක අගයක් අවිස්සාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයෙන් වාර්තාවනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන 9.30ට නිකුත් කළ වාර්තාව අනුව කැලණි ගඟ නාගලගම් වීදිය සහ හංවැල්ල යන ජල මාපකවල සුළු ගංවතුර තත්ත්වයක් දැකගත හැකි වුණා.
ඒ අනුව කොළොන්නාව, වැල්ලම්පිටිය , කැලණිමුල්ල මෙන්ම අඹතලේ , ගල්වාන සහ මල්වාන නගරයන් ද ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර කැලණි ගඟ පිටාර ගැලීමෙන් කඩුවෙල පහත්බිම් රැසක් මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ද ජලයෙන් යට වුණා.
කැලණි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග හංවැල්ල ජල මාපකයේ ජල මට්ටමද මීටර්. 8.8 දක්වා ඉහළ ගියා.
මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව පිහිටි පහත්ගම, ගොඩපරගොඩැල්ල, සීවලීවත්ත, ජයවීරගොඩ, වලව්වත්ත, වනහගොඩ, ඊරියගොල්ල ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා.
එම ප්‍රදේශයේ නිවාසවල සිටි පිරිස් අවතැන් කඳවුරු වෙත යොමුකිරීමටද සිදු වුණා.
මීට අමතරව කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර කළුතර – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යට වී තිබෙනවා.
බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයද ජලයෙන් යටවූ අතර, ප්‍රදේශවාසීන් චෝදනාකර සිටියේ තම ප්‍රදේශය මෙම වසර තුළ 17 වැනි වරටත් ජල ගැලීම්වලට ලක්වූ බවයි.
කුකුළේ ගඟ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් තමන් මෙම ගැටලුවට මුහුණ දෙන බවුන් වැඩිදුරටත් පැවසුවා.