දේශීය

බඩඉරිගු ගොවීන් Online ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක්

බඩඉරිගු ‍ වගා කරන ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරවීම සඳහා අන්තර්ජාලය යොදා ගනිමින් වැඩ පිළිවෙළක් සකස් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, ඉදිරි මහ කන්නයේ දී අපේ රටේ බඩඉරිගු වගාව විදිමත් කිරීම අරමුණු කරගනිමිනුයි.

මෙම වැඩ පිළිවෙළ ආරම්භ කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රටේ සියලු ගොවීන් හා තොරතුරු ඇතුළත් ‍තොරතුරු පද්ධතියක් සහිත ජිඊඕ ගොවියා යන යෙදවුමේ එක් අංශයක් ලෙසයි.

පසුගිය මහ කන්නයේ දී යුරියා පොහොර නොදීම හේතුවෙන් මෙරට බඩඉරිගු වගාව අඩාල වී ඇති බව සදහන්.

මෙම විද්යුත් ලියාපංචිය කිරීම ඔස්සේ රටේ බඩ ඉරිගු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණය, ඔවුන් වගා කරන ඉඩමි ප්‍රමාණය, ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය සහ එම වගා බිම් පිහිටි නිවැරදි ස්ථානය ආදි සියලූ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇති.

එමගින් නිවැරදි දත්ත ලබා ගත හැකි අතරම බඩඉරිගු වගාව ක්‍රමවත්ව සිදුවන බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button