මම ගිහින් නවතින්නේ අංගොඩින් කියලා මහින්ද මට කියනවා – මෛත්‍රී

නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (09) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදීයි.
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කිරීමත් සමගම අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර බහින්බස් වීමක්ද ඇති වුණා.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ, දේශපාලන පක්ෂයක අර්බුද ඇතිවීම අලුත් දෙයක් නොවන බවත් අර්බුද පක්ෂ වලට විසඳා ගැනීමට නොදී සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත්වීම් තුළ කරන කටයුතු හෙළා දකින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,
“මගේ නැවතීම අංගොඩින් හෝ වැලිකඩින් කියා ශ්‍රිලනිපයෙ සිට ආණ්ඩුවට ගිය ඇමති කෙනෙක් කියා තිබුණා. ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරුන් මේ ප්‍රශ්නය අතට අරගෙන අධිකරණයට බලපෑමක් කොට මම හිරේ යවන්න වෑයම් කරනවාදැයි මට සැකයක් තිබෙනවා. මේවා පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ඇමතිවරු. ශ්‍රීලනිපය ගොඩ ගැනීම වෙනුවෙන් අප ජීවිතය කැප කරන බව කිව යුතුයි.
“මේ පක්ෂය විනාශ වෙන්න මුල මේ පිරිස ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගැනීම. දැන් මැතිවරණ ළං වෙනකොට ශ්‍රීලනිපය ආණ්ඩුවට හේත්තු කරන්න යනවා.”