විදෙස්

සිය බිරිද ඝාතනය කළ බවට ලෙසතෝ රාජ්‍යයේ හිටපු අගමැතිට චෝදනා

ලෙසතෝ රාජ්‍යයේ හිටපු අගමැති තෝමස් තබානේ හට 2017 වර්ෂයේ දී සිය හිටපු බිරිඳ වන ලිපලෙලෝ තබානේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය වසරේ දී ඔහුගේ වත්මන් බිරිඳ වන මේසයියා තබානේ වෙත ද එම චෝදනාව එල්ල වුණා.

ඝාතනය සිදුවන විට ඇය අගමැති තබානේ සමඟ එකට ජීවත් වූ අතර ඝාතකයා කුලියට ගෙන ඇතැ‍යි පැවසෙනවා.

සැකකරුවකු ලෙස නම් කිරීමෙන් පසු එල්ල වූ පීඩනය හමුවේ තෝමස් තබානේ 2020 වසරේ දී අගමැති ධුරයෙන් ද ඉල්ලා අස් වුණා.

මෙම නඩුව බොහෝ දෙනෙකුගේ කම්පනයට හේතු වී ඇති අතර සම්පූර්ණයෙන් දකුණු අප්‍රිකාවෙන් වටෙවී ඇති කුඩා ගොඩබිම් රාජධානියක් වන ලෙසතෝ රාජ්‍යයේ දේශපාලන ගැටුම්වලට ද හේතු වී තිබෙනවා.

නඩුව විභාග වන අවස්ථාවේදී 82 හැවිරිදි අගමැති තබානේ සමඟ මේසයියා තබාන‍ෙද අධිකරණයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ ඇයට චෝදනා එල්ලවුවද පසුව ඇයව ඇප මත මුදා හැරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button