දේශීය

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එම සංවිධානය පැවසුවේ අද (04) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට, ⁠මාවනැල්ල, බුලත්කොහුපිටිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, ⁠කුරුවිට,⁠ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අවදානයෙන් සිටින්න යන නිවේදනය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ⁠යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොල, ⁠යටියන්තොට,  කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ⁠අකුරැස්ස, ⁠පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, ⁠අයගම, ⁠බලංගොඩ, ⁠ඉඹුල්පෙ, ⁠ඕපනායක, ⁠කිරිඇල්ල, ⁠කලවාන, ⁠කහවත්ත, ⁠ඇලපාත, ⁠⁠ගොඩකවෙල, ⁠පැල්මඩුල්ල යන ප්‍රාදේශ ලේකම් කොට්ඨාස සඳහා ‘විමසිලිමත් වන්න’ යන නිවේදනයත් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button