දේශීය

දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය අද 11 පෙරවරු  5.30 ට නිකුත් කර ඇති එම නාය යෑමේ  අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව  බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල , හාලිඇල සහ පස්සර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කෙරුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ  නියාගම  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇල්පිටිය, බද්දේගම, නෙළුව සහ නාගොඩ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ පාලින්දනුවර  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහි පළමු මට්ටමේ නිවේදනයද  බුලත්සිංහල , හොරණ, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම්කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, රුවන්වැල්ල, දෙහිඕවිට, යටියන්තොට, සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ  නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇලපාත,කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇහැලියගොඩ සහ කිරිඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබෙනවා.

පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල ගෙවී ගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්  ලැබී ඇති බවත් දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල මිලි මීටර් 100 ඉක්වමූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යණ සංවිධානය පවසන්නේ.

මෙම ප්‍රදේශවල තවදුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන්  ඉල්ලා සිටිනවා.

2024.10.11 වන දින පෙරවරු 5.30. ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම 2024.10.12 වන දින පෙරවරු  5.30 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button