දේශීය

ලලිත් – තිලක්ගේ සහය​ත් සජබෙ​ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව මීට සුළු මොහොතකට පෙර පැවසුවා.

ඔවුන් පවසන්නේ, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන තමන් ද  සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ම හොරු නොවන බව​ත් ‘හොරු නොවන අපි’ ලෙස නව සන්ධානයක්ද ආරම්භ කළ බව ලලිත් එල්ලාවල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button