දේශීය

කෙහෙළිය ඇතුළු 4ක​ට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙ​රේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා​ට සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම අධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා.

ඒ අනු​ව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහ​තා, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීයි.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button