කාශ්මීරයේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරියෙක් ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීති යටතේ අත්අඩංගුවට

ඇප ලබා ගැනීමට නොහැකි තරම් දරුණු ත්‍රස්ත නීතිය යටතේ ඉන්දියාවේ ත්‍රස්ත මර්දන ඒජන්සිය විසින් ප්‍රකට කාශ්මීර මානව හිමිකම් ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගැනුණු කුරාම් පර්වේස්ට එරෙහිව ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොණු කිරීමට කටයුතු කර ඇති බවයි.
ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය පාලිත කාශ්මීර ප්‍රදේශයේ පිහිටා තිබෙන ඔහුගේ නිවස සහ කාර්යාලය වැටලීමෙන් පසුවයි.
පර්වේස් මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ප්‍රකාශ කර නැති අතර ගෝලීය මානව හිමිකම් සුරකින සංවිධාන රැසක් ඔහුගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිය කෝපය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබෙනවා.
ගෝලීය සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙම අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් නිහඬ කර දඬුවම් කිරීමේ නින්දිත උත්සහයක් ලෙස හඳුන්වයි.