අල්ලස් ගත් වාරි ඉන්ජිනේරුවා රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 04 අල්ලසක් ඉල්ලා ලක්ෂ 02 මුදලක් ලබා ගත්තේ යැයි පවසන වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැටුණු වෙල මහතා අද (11) නියෝග කර තිබෙනවා.
කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ලක්ෂ 02 මුදලක් ලබා ගත් බවට පවසමින් මොවුන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉංජිනේරු මහමුදු හනිපා අකීල් අහමත් හා ඔහුගේ රියදුරු ලෙස සේවය කළේ යැයි කියන එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක අබ්දුල්ලා නින්දවුස් යන පුද්ගලයින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට වැලි හා පස් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට අයත් කලපු සහ කුඹුරු වලට දැමීම නීති විරෝධී හෙයින් රජයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ගෙන්ද සහය ලබාගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බවයි.
කෙසේවෙතත් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබෙනවා.