ක්‍රීඩා
IPL ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රවින්ද්‍ර ජඩේජා නායකත්වය දරණ චෙන්නායි සුපර්කිංග්ස් සහ ශ්‍රියාස් අයියර් මෙහෙයවන කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න එම කණ්ඩායම්වලට ඇතුලත්ව සිටී.
කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් අද සිට මැයි මස 29 වනදා දක්වා මෙවර IPL ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත් වේ.