දේශීය

ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රජා උපදේශන කමිටු පිහිටු වීමට අදාලව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් ක්‍රියාත්මක වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින් සංවර්ධන කටයුතු වලට අදාළව ස්ථාපිත කළ ප්‍රජා උපදේශන කමිටුවල සාමාජිකයින් වශයෙන් යොදා ගැනීම තුළින් මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව පවසමින් සංවිධානය විසින් පෙත්සමක් ගොනු කර තිබුණා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම චක්‍ර ලේඛය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විජිත් මළල්ගොඩ, කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button