දේශීය
ඉන්දියා – ශ්‍රී ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය අද සිට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන නෞකා සේවය අද (14) ආරම්භ වුණා.
දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව එය ක්‍රියාත්මක බව, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළා.
ඒ අනුව, මගීන් 100 දෙනෙකු රැගත් නෞකාවක් ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළා.
නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය 4ක පමණ කාලයක් ගත වනවා.
එක් ගමන් වාරයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 26,750 ක් වන අතර, ඉන්දියාවට යෑමට සහ ඒමට ශ්‍රී ලංකා රුපියල් 53,500 ද ගාස්තුවක් අය කිරීමට නියමිතයි.