ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාවත් ඉවතට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රබල ඉන්දීය කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

ඇෆ්ගනිස්තානය එරෙහිව අද පැවැති තරඟය නවසීලන්තය කඩුලු 8කින් ජය ගැනීමත් සමඟ මෙලෙස ඉන්දීය කණ්ඩායමට මෙවර තරඟාවලියෙන් ඉවත්ව යාමට සිදුවී තිබෙනවා.

අවසන් පූර්ව වටයේ තරඟ දෙක නොවැම්බර් මස 10 වෙනිදා සහ 11 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button