විදෙස්

ඉම්රාන් ඛාන්ගේ  14 වසරක සිරදඬුවම අත් හිටුවයි

රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි විකිණීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට ලබාදී තිබූ වසර 14 ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (01) නියෝග කර තිබෙනවා.

ටොක්ශානා සිද්ධිය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවට ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදී ඉස්ලාමාබාද් මහාධිකරණය ඉම්රාන් ඛාන්ට ලබා දී තිබූ සිර දඬුවම අත් හිටුවීමට මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තාවන්නේ.

කෙසේවෙත​ත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටින බව එර​ට මාධ්‍ය වාර්තා කළා.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග ටොක්ශානා භාණ්ඩාගාරයේ තැන්පත් නොකර ඔහු තබා ගත් බවට එල්ලවී ඇති චෝදනාවයි.

පාකිස්තාන නීතියට අනුව විදේශ රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා නම් භාණ්ඩාගාරයෙ හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු බව සඳහන්.

ටොක්ශානා සිද්ධියට වරදකරුවූ අවස්ථාවේදී ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියන 787 ක දඩයක් අධිකරණය නියම කර තිබුණු අත​ර වසර 10 ක් යනතුරු මැතිවරණ තහනමක්ද ඔහුට පනවා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button