විදෙස්
වෙඩි නොවඳින ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයට

පාකිස්තාන ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මඟින් පනවා තිබූ නඩු තුනකට පෙනී සිටීම සඳහා එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
විශේෂ ආරක්ෂාවක් යටතේ වෙඩි නොවඳින ලෙස හිස පවා ආවරණය කරගෙන ඉම්රාන් ඛාන් අධිකරණයට පැමිණීම විශේෂත්වයක් වුණා
තම ජීවිතයට ඇති තර්ජනය සලකා අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් ඉල්ලා සිටියත් අධිකරණය එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු මෙසේ සැරසී අධිකරණයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගිනි තැබීම, පොලිසියට එරෙහි ප්‍රචණ්ඩත්වය, පොලිස් අත්අඩංගුවේ සිටියදී සිලී ෂාහ්ගේ ඝාතන සිදුවීමට අදාළව සිදුවූ විනාශකාරී ක්‍රියාවලියට සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහි නඩු තුනෙන් ඔහුට ඇප ලබා දීමට අධිකරණය තීන්දු කර තිබෙන අතර ලබන අප්‍රේල් 13 වැනිදා දක්වා අදාළ ඇප වලංගු බවට වාර්තා වෙනවා.