IMF නියෝජතයින් අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වේ.
විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමේ දී සමාලෝචන 2ක් අතර සිදු කරන මාණ්ඩලික සාකච්ඡා මාලාවේ පළමුවැන්න එලෙස අද ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණ කාල සීමාවක සිටියද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළු පියවර ගෙන ඇති බවයි.
මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ (31) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වාරිකය පිළිබඳව සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තාවන්නේ
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා යන අයද සහභාගී වී තිබෙනවා.