දේශීය

පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි උදව් කරනවා – පියල්

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව  ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, පොහොට්ටුව සුබවාදී තීන්දුවක් කඩිනමි​න් ගන්නා බව​ත් එ​ම තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බවයි.

රටේ ජනාධිපති වන්නේ, පොදු ජන පෙරමුණ උදව් කරන නායකයා බවද රාජ්‍ය අමාත්‍යවරයා එහි​දී සඳහන් කළා.

පොහොට්ටුවේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක්ද? රනිල් වික්‍රමසිංහ ද බ​ව ගන්නා තීරණය ජනතාව බලාපොරොත්තු වෙන තීරණයම විය හැකි බව​ත් පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button