දේශීය
ඔබේ ආරාධනයෙන් මා දේශපාලනයට ආවේ. මා ඒ විශ්වාසය දිවි හිමියෙන් ආරක්ෂා කරනවා

තමන් දේශපාලනයට පිවිසියේ ජනතාවගේ ආරාධනයෙන් බවත්, ජනතාව තමන් කෙරෙහි තැබු විශ්වාසය දිවි හිමියෙන් ආරක්ෂා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
තම ධුර කාලයේ මුල් වසර 2 1/2 න් වසර 02ක්ම කොවිඩ් වසංගතයෙන් රටේ ජනතාව සහ දරුවන් ආරක්ෂා කර ගැනීමට කැපකළ බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත් මෙතැන් සිට තම ධුරයේ ඉදිරි කාලය ජනතාව තමන්ගෙන් අපෙක්ෂා කළ සුරක්ෂිතබව, විනය, නූතන දියුණු රටක් බිහි කිරීමටත් දරුවන්ට හොද අනාගතයක් බිහි කිරීමටත් කැප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් කියා සිටියා.
එබැවින් දරුවන්ට හොද අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් ඇමති මණ්ඩලයත්, පාර්ලිමේන්තුවත්, රාජ්‍ය සේවකයිනුත් එකම කණ්ඩායමක් ලෙස කැපවන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා.