දේශීය
ඔන්ලයින් පනත ගැන IT4P ආරම්භ කළ e-ජනමත විචාරයේ නවතම ප්රතිඵල මෙන්න

IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් ඊයේ ආරම්භ කළ Online Safety පනත පිළිබඳ e-ජනමත විචාරයේ මෙතෙක් ප්රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (24) දහවල් 1.00 වනතෙක් ලැබී ඇති මහජන මත අනුව, අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොකළ යුතු බවට 97.9% ක් තම මතය පළකර ඇති අතර, පනත සම්මත කළ යුතු බවට 2.1% ක් තම මතය පළ කර තිබෙන බව සඳහන්.
අදාළ කාලය තුළ මෙම e-ජනමත විචාරය සඳහා පුද්ගලයින් 3391 දෙනෙක් තම මතය පළකර ඇති අතර, තවමත් SMS හරහා මේ සඳහා තම මතය පළ කළ හැකි බව IT4P එකමුතුව මහජනතාවට දැනුම් දෙනවා.
මෙතෙක් නිකුත් කළ ජනමත විචාරයේ ප්රතිඵල පහතින්.