දේශීය
අරගලකරුවන්ගේ පෙත්සම් 4ක් විභාගයට අවසර

අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබාදී තිබෙනවා.
2022 වසරේ මාර්තු මස 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණවලදී තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් පොලීසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දී තිබෙනවා.
එම සිද්ධීන්වලට අදාළවම ඉදිරිපත් කෙරුණු තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් නිෂ්ප්‍රභ කිරීමට ද විනිසුරු මඩුල්ල තීන්දු කළා.