දේශීය

සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් ගන්නවා-රාජිත

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති ඇමැති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවා.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමින්.

එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය ඇමති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්, 2015 විපක්ෂ නායක තුමා පළමු වරට ඇමති වන්නේ, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව හින්දා අපේ පිල්මාරුව හින්ද තමයි ,නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ,

ඒ වගේ කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය බලලා, ඒක හින්ද තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ .

සමහර කට්ටියට පේනවා ඇති ඒක ගත්තේ මුදල්වලට කියලා.මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button