දේශීය
රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය කාලෝචිත පියවරක් – මල්වතු පාර්ශවයේ අනුනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිය ඉතා කාලෝචිත, වැදගත් වැඩපිළිවෙළක් බව ශ්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ පෙන්වා දෙනවා.
උන්වහන්සේ සදහන් කරන්නේ නීරෝගිමත් ජනතාවක් උදෙසා ඉවහල්වන මෙම ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට භේද නොසලකා සියලුදෙනාගේ සහයෝගය ලබා දිය යුතු බවයි.
අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් මේ බව සඳහන් කළේ කාබනික වගාවේ ඉදිරි ගමන පිළිබඳ ජාතික කථිකාව නමින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වැඩමුළුවකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියෝ පැවසුවේ හරිත කෘෂිකර්මාන්තය මෙරට ජනතාවට අලුත් දෙයක් නොවන බවත්, එය සාර්ථක කර ගැනීමට හැකි යහපත් වැඩපිළිවෙළක් වන නිසා ඊට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත්ය.