ඥානසාර හිමිගේ පෙත්සම විභාගයට දින නියම කෙරේ
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
තමන් වහන්සේට නියම වී ඇති සිව් වසරක සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම අද (25) කැඳවූ අවස්ථාවේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව, අදාළ අභියාචනය ලබන වසරේ අප්‍රේල් මස 03 වනදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කළා.
2016 වසරේ දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඥානසාර හිමි පළකළ අදහස්වලින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුවී ඇති බව පවසමින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබු අධි චෝදනා විභාග කිරීමෙන් උන්වහන්සේට බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවමක් නියම කර තිබුණා.