දේශීය

ගම්පහ වෙඩිතැබීමක්

ගම්පහ තම්මිට ප්‍රදේශයෙන් තවත් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වනවා.

අද (06) රාත්‍රී කාලයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ, වෙඩිවැදී ඇත්තේ 29 හැවිරිදි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ට බවයි.

ඔහු​ව ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button