දේශීය
සඳුදා සිට ගුරු – විදුහල්පතිවරු අකුරට වැඩ

ලබන සඳුදා සිට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසනවා.
රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් සහ ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ, ඒ අනුව සඳුදා සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
වැටුප් විෂමතාවය සම්බන්ධව වාර්තාවක් සති දෙකක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන බව පැවසුවද, ගුරු වෘත්තිය සමිති එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.