දේශීය

හිටපු රේගු නිලධාරීන් සිව්දෙනෙක්ට බරපතළ වැඩසහිත වසර 35 බැගින් සිරදඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා. 

ඒ, 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.

ඊට අමතරව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button