ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා.

FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති අතර මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිය ඡන්ද අයිතිය අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 197ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

2023 ජනවාරි මාසයේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණයට බලපෑම් එල්ල කිරීම හරහා ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්තිය කැඩූ බවට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වී තිබුණා.

මේ අතර සිම්බාබ්වේ පාපන්දු සම්මේලනය ද තහනමට ලක් වී තිබෙනවා.ඒ අනුව සිම්බාබ්වේට තහනම පැනවීමට ඡන්ද 199ක් හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button