දේශීය
ට්‍රැක්ටරයකින් වැටී පස් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ගෙවත්තක බිම සකස් කරමින් තිබු ට්‍රැක්ටරයකින් වව්නියාව, පාලමොටෙයි ප්‍රදේශයේ වයස අවුරුදු 05ක දරුවෙකු ඊයේ (21) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය ඥාතියෙකු පදවමින් සිටි ට්‍රැක්ටරයේ නැගී දරුවාද එහි ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කරනවා.
දරුවා ට්‍රැක්ටරයෙන් බිමට ඇදවැටී ට්‍රැක්ටරයේ නඟුලට හසුවී කැපුම් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් දරුවා රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ජීවිතාක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ වව්නියාව, පාලමොටෙයි ප්‍රදේශයේ පදිංචිව වයස අවුරුදු 05ක් වූ කේ. කනිසන් නැමැති දරුවෙක්.