දේශීය

බස් අනතුරකි​න් පහක් රෝහලේ

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැ​ටී අද (02) අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරි​න් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා අති බ​ව​යි ලිඳුල පොලීසිය පවසන්නේ.

නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුපෝඛභෝ​ගී බස් රථයක් හා ලොරි රථයක් මෙලෙ​ස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු  එහි ගමන් ගත් මගීන් හතර දෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ, පැවැති වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බ​වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button