දේශීය
බූස්සෙන් දුරකතන හොයාගෙන

බුස්ස බන්ධනාගාරයේ අද අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබි ජංගම දුරකතන පහක්, චාජර්,ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා.
බන්ධනාගාර උපක්‍රමික බළකාය,බන්ධනාගාර මෙහෙයුම් හා බුද්ධි අංශයේ නිලධාරින් 70ක පමණ පිරිසක් සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුරකතන සොයාගෙන තිබෙනවා.
මෙම දුරකතන සොයාගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් බවද අනාවරණය වනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙළ ජේලර් ගිම්හාන, බන්ධනාගාර නියාමක මෙන්ඩිස් හා බන්ධනාගාර නියාමක ජයසුන්දර මහත්වරුන් වෙත භාර දී තිබෙනවා.