දේශීය

සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකවරයාට සේවා දිගුවක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2013-09-14 දින සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. වියන්වල මහතා පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

එම පත්වීමේ කාල සීමාව 2024-09-13 දිනෙන් අවසන් වී තිබෙනවා.

ඒ හෙතුවෙන් ඔහු 2024 -12-31 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තවදුරටක් සේවයේ යෙදවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button