ක්‍රීඩා
කාසියේ වාසිය එංගලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 25වන තරගය අද (26) පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ බැංගලෝර්හි එම්.චින්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි.
කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජොස් බට්ලර් සමත් වුණා.
ඒ අනුව, ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
මේ වන විට ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අට සහ නව යන ස්ථානවල පසුවීම හේතුවෙන් අද (26) පැවැත්වෙන මෙම තරගය දෙපිළටම වැදගත් තරගයක් වනවා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා සංචිතය තුළ තවත් එක් වෙනසක් සිදු කර තිබෙනවා.
ඒ, ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි මනීෂ පතීරණ ආබාධයකට මුහුණපෑම හේතුවෙන් ඔහු වෙනුවට ජ්‍යේෂ්ඨ සහ පළපුරුදු ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් නම් කිරීමයි.