දේශීය
රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, කොමිසමේ ඇරයුම මත ඔවුන් මෙරටට පැමිණෙන බවයි.
ලබන 18 වැනිදා සිට ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වීමට නියමිතයි.
එම නිරීක්ෂණ කණ්ඩායමට සාක් කලාපීය රටවල නියෝජිතයින් හා රුසියානු නිරීක්ෂකයින් ද ඇතුළත් වනවා.
ඔවුන් ජනාධිපතිවරණයෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට ද නියමිතයි.